Kasi Walata Gannath Baa Song Lyrics - කාසි වලට ගන්නත් බෑ ගීතයේ පද පෙළ

Kasi Walata Gannath Baa Song Lyrics - කාසි වලට ගන්නත් බෑ ගීතයේ පද පෙළ
Song Title : Kasi Walata Gannath Baa (කාසි වලට ගන්නත් බෑ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


කාසි වලට ගන්නත් බෑ
කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ //

දිඹුල් ගහක් ළඟට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා

මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා //

කාසි වලට ගන්නත් බෑ
කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ

දිය දෝතක් බොන්න ඕනා
දිය දෝතක් පිරුණු අතින්

මල් අහුරක් ගන්න ඕනා
මල් අහුරක් තියෙන අතින් //

කාසි වලට ගන්නත් බෑ
කාසි වලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment