Adara Pujasane Song Lyrics - ආදර පූජාසනේ ගීතයේ පද පෙළ

Adara Pujasane Song Lyrics - ආදර පූජාසනේ ගීතයේ පද පෙළ
Song Title : Adara Pujasane (ආදර පූජාසනේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : එම්. කේ. රොක්සාමි
1977 දී තිරගතවූ "දෙවියනි ඔබ කොහිද" සිනමා සිත්තමෙනි.


ආදර පූජාසනේ //
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ //
මමයි ඔබේ කුසුම් මනාලී
ආදර පූජාසනේ

ආසිරි පවන් රොදින් ඇසේ (හ්ම් ම් ම් ම්)
දේව දූතයන්ගෙ මිහිරි ප්‍රේම ගීතිකා
ආදර පූජාසනේ
සාදර පැතුම් පවන් වැදී (හ්ම් ම් ම් ම්)
දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා
ආදර පූජාසනේ

යෞවන මල් සමයේ
මේ නිසසල යාමේ //
සීතල රෑ සැතපෙම් මා මංගල මල් යහනේ

මංගල සීනු හඬින්
චංචල වූ ලෝකේ //
අනුරාග පෙම් රාව නින්නාදවේ

ආදර පූජාසනේ
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ

ඔබගේ නුරා සුසුමේ
රන් මුතුලැල් පවනේ //
සිලිලාරේ වෙලෙමී මා පෙම්සිත් අනුරාගී

විකසිත නෙත් සඟලේ ප්‍රේම ශිඛා කැල්මේ //
ආලෝකේ සැතපෙන්න ළංවෙන්නෙ මා

ආදර පූජාසනේ //
ඔබයි මගේ කුසුම් කුමාරී
ආදර පූජාසනේ //
මමයි ඔබේ කුසුම් මනාලී
ආදර පූජාසනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment