Nurangana Song Lyrics - නුරංගනා ගීතයේ පද පෙළ

Nurangana Song Lyrics - නුරංගනා ගීතයේ පද පෙළ
Song Title : Nurangana (නුරංගනා)
Artist : Oshada Akash 
Melody & Music : Hashan Thilina 
Lyrics : Prasanna Kumara Dammalage 
Director : Thiwanka Mihiran 
Artwork : Thush Favorite 
Production : Naada Creations

Set As Your Favorite Ringtone 👇
☎ Dialog - 8710699321
☎ Hutch - 369281074
☎ Mobitel - 74743576
☎ Etisalat - 369281074


ඉනාව වාගේ
හිනාව මූණේ
ගෙනාව හීනේ හැමදාම කාලෙ ගෙවුණේ
උපන්න ප්‍රේමේ
තියාන මහදේ (මා හදේ)
බලාන ඉන්නේ පැතු වචනෙ ලැබෙනකන් මේ

හිත දෑස නොයිවසිල්ලේ
හංගන හසරැල්ලේ
ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

නා දළු සම දෙතොලේ
ඔය රෝස මල් කොපුලේ
විඳිනට පහස ඇලුම් නොසන්සිඳේ මගේ හිතේ
නිල්මිණි නෙතු සඟලේ
මනලෝල බැල්ම දැලේ
වෑහෙන වසඟ කැළුම් අනන්ත සේ හැඟුම් ගෙනේ

හිත දෑස නොයිවසිල්ලේ
හංගන හසරැල්ලේ
ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

ඉඟිබිඟි අතරතුරේ
රැගෙනාවෙ අනගසරේ
අරගෙන ලමැදෙ ලැගුම් වසන්තයේ දසුන් ලෙසේ
දවසක ඔය ඇසුරේ
තැනු මාගෙ පෙම් මැදුරේ
ඉටුකරගනිමි පැතුම් නුඹෙන් හිතේ පිරිච්ච මේ

හිත දෑස නොයිවසිල්ලේ
හංගන හසරැල්ලේ
ලස්සන දකින්නටයි ආශා මං කෙල්ලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

නුරංගනා
සිතුවිලි අවුස්සනා
සුර ලොවින් ගෙනා
රුව මගේ හිතේ දිලේ දිලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment