Hade Susumak Song Lyrics - හදේ සුසුමක් ගීතයේ පද පෙළ

Hade Susumak Song Lyrics - හදේ සුසුමක් ගීතයේ පද පෙළ
Song Title : Hade Susumak (හදේ සුසුමක්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : ඩී.ආර්. පීරිස්


හදේ සුසුමක් පතිත වීමෙන්
බකිණි මල් පෙති පර නොවේවා
ඔබේ සුවඳැති හිනා පියුමෙන්
මගේ හදවත සුවඳ වේවා
ලොවේ කෙදිනද
ආදරේ මඟ
දෙපස කරදර හමුනොවන්නේ

ගමේ පිපි මල
ගමේ තනිවී
මා නිසා නොවැ දුක් විඳින්නේ //
සුවඳ නැති මල් ඉරිසියාවෙන් //
ඔබේ රුව දැක උමතු වන්නේ
ඇගේ මුවගින්
දොලේ ගීතය
හේන අසලින් මට ඇසෙන්නේ

නීල අහසේ
සේද පටුනේ
සැඳෑ කාලේ නැළැවි නැළවී //
ඈත පාවෙන වලාකුළ සේ //
වරළ පිට මැද උනාලන්නේ
එහි සුගන්දය ගීතයක් වී
මගේ තනියට අසල ඉන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment