Akal Hee Piyapath Song Lyrics - අකල් හී පියාපත් ගීතයේ පද පෙළ

Akal Hee Piyapath Song Lyrics - අකල් හී පියාපත් ගීතයේ පද පෙළ

Akal Hee Piyapath Song Lyrics - අකල් හී පියාපත් ගීතයේ පද පෙළ
Song Title : Akal Hee Piyapath (අකල් හී පියාපත්)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක සහ නිරංජලා සරෝජිනී
පද : මහින්ද අල්ගම
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


අකල් හී පියාපත්
බිඳී ගිය කුරුල්ලෙක්
ගයන ගී අහන්නට
ආවෙහි ද කිව මැනව

එකල් හී පියාපත්
සවිමත් ව තුබූ සඳ
ඔබේ ළඟ අද වගේ
මම උනිමි නොපෙනුණි ද

මානයෙන් නෙත් බිඳුනු
ස්නේහයෙන් සිත මිදුන
සරුංගල් ලෝකයේ
එදා ඔබ නොදත්තෙමි

ප්‍රේමයෙන් හද පිරී
ස්නේහයෙන් සිත බැඳී
ඔබේ සෙවණැල්ල සේ
ඔබ ළඟ ම මම උනිමි

අකල් හී පියාපත්
බිඳී ගිය කුරුල්ලෙක්
ගයන ගී අහන්නට
ආවෙහි ද කිව මැනව

එකල් හී පියාපත්
සවිමත් ව තුබූ සඳ
ඔබේ ළඟ අද වගේ
මම උනිමි නොපෙනුණි ද

සරුංගල් සිහින ළඟ
ජීවිතය හේම වී
මට මගේ හෙවණැල්ල
පවා අද නැත ළඳුනි

නොතැවෙන්න පිය සබඳ
විකල් වූ සිත නිවමි
ඔබේ සෙවණැල්ල වී
සදා ඔබ ළඟ හිඳිමි

අකල් හී පියාපත්
බිඳී ගිය කුරුල්ලෙක්
ගයන ගී අහන්නට
ආවෙහි ද කිව මැනව

නොතැවෙන්න පිය සබඳ
විකල් වූ සිත නිවමි
ඔබේ සෙවණැල්ල වී
සදා ඔබ ළඟ හිඳිමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment