Dukama Widinnata Song Lyrics - දුකම විඳින්නට ගීතයේ පද පෙළ

Dukama Widinnata Song Lyrics - දුකම විඳින්නට ගීතයේ පද පෙළ
Song Title : Dukama Widinnata (දුකම විඳින්නට)
ගායනය : සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1984 දී “පිනිබර යාමේ” කැසට් පටයට ඇතුළත් වුණා.


දුකම විඳින්නට
දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
මිහි තලයේ දෙවියෝ //

උණු දිය කහටින් දෙතොල තෙමා
රළු කළු ගල් වැලි සිරස දරා
සෙවණක් නැතිවද රටට සෙවණ දී
පලංචියේ වඩිනා
මිහිතලයේ දෙවියෝ

දුකම විඳින්නට
දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
මිහි තලයේ දෙවියෝ

හුණු වැලි ගින්නේ පැලුණු දෙපා
මලින් ගඳින් පුදදී බැති පා
පින් ලැබ ගන්නට සැදෙව් පෙළින් පෙළ
අප රකිනා දෙවියෝ
හිණි පාමුල වැඩියෝ

දුකම විඳින්නට
දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද මිහි මවගේ දරුවෝ
මිහි තලයේ දෙවියෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment