Avapasa Ahasaka Song Lyrics - අවපස අහසක ගීතයේ පද පෙළ

Awapasa Ahasaka Song Lyrics - අවපස අහසක ගීතයේ පද පෙළ
Song Title : Awapasa Ahasaka (අවපස අහසක)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
මෙය 1988 දී “මල් වට්ටියක්” කැසට් පටයතුළින් දොරට වැඩි ගීයකි. 1995 දී “මියුරු ගී 2 - රන් මලක්” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2003 දී “The best of Sunil 2” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ //

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙර මඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ

දිගු දිවි ගමනේ
ඉම ඔබ රැඳුණේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment