Dasis Dina Song Lyrics - දසිස් දිනා ගීතයේ පද පෙළ

Dasis Dina Song Lyrics - දසිස් දිනා ගීතයේ පද පෙළ
Song Title : Dasis Dina (දසිස් දිනා)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : බණ්ඩාර කේ. විජේතුංග
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයට ඇතුළත් වුණා.


දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා //

අදින් මතුව යළි සටන් වදින්නට
රජෙක් නොමැති සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බැහැර නොව
හිඳිම් මගේ දුක කිරුළ දරා

දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා

දිනූ විසල් ලොව සිතින් හරින්නෙමි
උතුම් මිනිස්කම මවෙත රඳා
මගේ දෙපා මුල වැටී මෙසේ මම
කියම් මගේ දුක මටම හඬා

දසිස් දිනා රුපු රජුන් නසා
ලොව තෙදින් තමා නතු කළෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද
තවත් එවන් රුපු කැළක් විනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment