Ahasa Polawa Song Lyrics - අහස පොළව ගීතයේ පද පෙළ

Ahasa Polawa Song Lyrics - අහස පොළව ගීතයේ පද පෙළ
Song Title : Ahasa Polawa (අහස පොළව)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : යමුනා මාලිනී පෙරේරා (යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ ප්‍රථම ගී පද රචනය)
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනක් තුළින් දොරට වැඩි ගීයකි. එය 1986 දී “මගේ සෙනෙහස” කැසට් පටයටත්, 1998 දී “නව රිද්ම ගී 16" සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, 2005 දී “සුනිල් ගී 22” සංයුක්ත තැටියට හා කැසට් පටයටත්, එම වසරේදීම "ආදරය සුන්දර වරදකි" සංයුක්ත තැටියටත්, නැවත 2009 දී “නව රිද්ම ගී 16 නව නිෂ්පාදනය” සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.


අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක් //

කණක මිණක තරුවක රුව
නොපෙණුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලක සුවඳ ඇත මසිතේ
ඔබ මා ළඟ සිටින තුරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
නැහැනෙ තනිකමක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment