Dagab Maha Waw Bande Nubayi Puthe Song Lyrics - දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ ගීතයේ පද පෙළ

Dagaw Maha Waw Bande Nubayi Puthe Song Lyrics - දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ ගීතයේ පද පෙළ
Song Title : Dagab Maha Waw Bande Nubayi Puthe (දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ආර්. ප්‍රේමදාස
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ //

අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා
සිලි සිලි සිනිඳු දිව සළු පිළි හැඳ පළඳා
මජනයාට වැදි බණ කියමින බොලඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

ඉර හඳ අදත් පායනවා හද අරණේ
මගෙ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ

හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
ඔවුනගෙ දහඩියයි ලද උත්තම සරණේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment