Arundathee Tharakawa Song Lyrics - අරුන්දතී තාරකාව ගීතයේ පද පෙළ

Arundathee Tharakawa Song Lyrics - අරුන්දතී තාරකාව ගීතයේ පද පෙළ
Song Title : Arundathee Tharakawa (අරුන්දතී තාරකාව)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සෝමපාල රත්නායක


අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

වෙරළ සමීපේ මින් සමු දායයි
ගමින් ගමට නිල්වන් වැව් යායයි
සිරිලක දසනු දිසා එක හීයයි
ලක් වැසියෙක් වී අද ඉර පායයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

මල්සර උක් දඬු දුනු හී මානයි
නව යෞවන යේ පෙම් රජ දහනයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි
නිවහල් ලොවකට මං පෙත පාදයි

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment