Ashawariye Nogasuna Geeyaki Song Lyrics - ආශාවරියේ නොගැයුණ ගීයකි ගීතයේ පද පෙළ

Ashawariye Nogasuna Geeyaki Song Lyrics - ආශාවරියේ නොගැයුණ ගීයකි ගීතයේ පද පෙළ
Song Title : Ashawariye Nogasuna Geeyaki (ආශාවරියේ නොගැයුණ ගීයකි)
ගායනය : නන්දා මාලිනී
පද : සිසිර දිසානායක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ආශාවරියේ නොගැයුණ ගීයකි
ප්‍රේමාලාපේ අපේ
රාමායනයේ නොලියුණ පුවතකි
ප්‍රේමාතීතේ අපේ
අරුතක් නෑ එක තනුවක් නෑ
අප ප්‍රේමායනයේ

පද වැල් බඳිමින් අරුත් මවන්නට
පන්හිඳ වෙහෙසමි මා //

රාමායනයේ රස හව් අතරේ //
අන්ධව හිඳිනෙමි මා //

ස්වරයන් සොයමින් හඬක් නඟන්නට
වෙණ තත් හඬවමි මා //

ආශාවරියේ සංගති අතරේ //
බිහිරිව හිඳිනෙමි මා //

ආශාවරියේ නොගැයුණ ගීයකි
ප්‍රේමාලාපේ අපේ
රාමායනයේ නොලියුණ පුවතකි
ප්‍රේමාතීතේ අපේ
අරුතක් නෑ එක තනුවක් නෑ
අප ප්‍රේමායනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment