Arunalu Athirena Song Lyrics - අරුණළු ඇතිරෙන‍ ගීතයේ පද පෙළ

Arunalu Athirena Song Lyrics - අරුණළු ඇතිරෙන‍ ගීතයේ පද පෙළ
Song Title : Arunalu Athirena (අරුණළු ඇතිරෙන‍)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි

කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කළෙමි දුර සසර පුරා //
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන් කළෙමි දුර සසර පුරා

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි

මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ //
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබෙ නෙත් දහරේ

අරුණළු ඇතිරෙන‍ හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment