Adare Dore Song Lyrics - ආදරේ දෝරේ ගීතයේ පද පෙළ

Adare Dore Song Lyrics - ආදරේ දෝරේ ගීතයේ පද පෙළ
Song Title : Adare Dore (ආදරේ දෝරේ)
Artist : Ishanka Jay
Lyrics : Anuradhi Uththara
Melody & Music : Tharindu Damsara
Guitar arr : Kavin Harshana
Music composition, mixing & mastering : Sanjula Himala@Reazon Records
Motion video : Chameera J Hettiarachchi@3rd eye Cinema


ආදරේ දෝරේ
කෑදරේ බේරේ
බොල් කලේ නාදේ
කන් බෙරේ පෑරේ
මී කලේ වෑහේ
මකරන්ද ඉහිරේ
සනුහරේ නාමේ
කබල්ගා පාරේ
පත්තරේ තීරේ
ලිව් අකුරු කීවේ
අහවරයි දීගේ
ඇබෑර්තු වෑහේ
ආදරේ බේරේ
ආදරේ බෙරේ

සුරඟනක් වාගේ හදවතේ තාලේ නවතලා හිනැහුනා
කියඹුවක් ගානේ දවටලා ආලේ මතුරලා පැටලුවා
අසුරු සැන කල්පයක් කරවනා වේදනා
තරු කඩා ඉහිරලා ඈ ඉගිලුනා
කඩු තුඩක් රඳවලා දිය හොවා නෙත් පුරා වෙලා
මතක වැල් අස් කරන් ගියා

හිම ගිරේ රැඳුන ආදරේ නුඹට පවරලා සැනසුනා
සුව වෙලා තිබුන හදවතේ පලුව නුඹ නිසා ඉතිරුනා
වසන්තය පෙනි පෙනී බොඳ කලා ඔය සිනා
සුසු⁣මෙනුත් ඇවිලුනා ඒ පෙම් කතා
ලොව මගේ කියා කුසලාන ගත් නිසා එදා
දිනුම මට ගස්සලා ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment