Pile Pahana Niwuwa Man Song Lyrics - පිලේ පහන නිවුවා මං ගීතයේ පද පෙළ

Pile Pahana Niwuwa Man Song Lyrics - පිලේ පහන නිවුවා මං ගීතයේ පද පෙළ
Song Title : Pile Pahana Niwuwa Man (පිලේ පහන නිවුවා මං)
ගායනය : සුනිල් එදිරිසිංහ
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ
ගීය ඇතුළත් වූ ඇල්බම
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී වැඩසටහනකින් දොරට වැඩියා. 
1982 "සඳකඩ පහන" කැසට් පටය ට සහ 2003 දී නිකුත්වූ "Best of Sunil Edirisinghe" සංගත තැටියට ඇතුළත් වුණා.



පිලේ පහන නිවුවා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ //

පෑලවියේ සීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්ඩ
කාගෙත් දුකට හූමිටි ලන උළලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න

පිලේ පහන නිවුවා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
හිතේ දුකට දෑස හඬයි කඳුළු හළා ගංගාවක

පිලේ පහන නිවුවා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment