Sith Sanahalana Song Lyrics - සිත් සනහාලන ගීතයේ පද පෙළ

Sith Sanahalana Song Lyrics - සිත් සනහාලන ගීතයේ පද පෙළ
Song Title : Sith Sanahalana (සිත් සනහාලන)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : තලංගම ප්‍රේමදාස
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සිත් සනහාලන මුතු වන් වරුසා
කඩා හැළෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ //

සත් කුළු පව්වෙන් සත් මහ සයුරෙන්
ඈත එපිට බුදු රැස් විහිදේ //
සත් පියුමන් මුනිඳුන්ට පිපීලා
සුවඳ ගලනවා සිරිපාදේ

සිත් සනහාලන මුතු වන් වරුසා
කඩා හැළෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ

ක්ලේෂ දවාලන රාග නිවාලන
ඔබ දැක ගන්නයි මා ආවේ //
නෙත් ලැබුනා මට ඔබ දුටු පමණින්
දොරටුව හමුවේ නිවන් පුරේ

සිත් සනහාලන මුතු වන් වරුසා
කඩා හැළෙනවා බුදු සමිඳේ
මෙත් සිලිලාරේ කරුණා ගංගා
ගලා බසිනවා භව කතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sith Sanahalana Song Lyrics - සිත් සනහාලන ගීතයේ පද පෙළ Sith Sanahalana Song Lyrics - සිත් සනහාලන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2022 Rating: 5

0 comments:

Post a Comment