Minis Waga Hata Song Lyrics - මිනිස් වග හට ගීතයේ පද පෙළ

Minis Waga Hata Song Lyrics - මිනිස් වග හට ගීතයේ පද පෙළ
Song Title : Minis Waga Hata (මිනිස් වග හට)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ඩබ්.ඒ. අබේසිංහ
තනුව : සෝමපාල රත්නායක


මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

මිනිස් අයිතිය කසුන් නිදහස
ප්‍රජාතන්ත්‍රික දැහැමි දිවි මඟ //
ලොවට හෙළි කළ දම් රජිඳු ඔබ

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

මිනිස් සැනසුම සදන මැදි මඟ
සනාතන සාමයේ මාවත //
ලොවට හෙළි කළ දම් නියමු ඔබ

මිනිස් වග හට සිතන නිදහස
උරුම කර විදු ලොවට මං පෙත්
එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ

එළි පහන් කළ මහ පහන ඔබ
එළි පහන් කළ මහ පහන ඔබ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment