Yali Udawu Wasanthe Lesin Song Lyrics - යළි උදාවූ වසන්තේ ලෙසින් ගීතයේ පද පෙළ

Yali Udawu Wasanthe Lesin Song Lyrics - යළි උදාවූ වසන්තේ ලෙසින් ගීතයේ පද පෙළ
Song Title : Yali Udawu Wasanthe Lesin (යළි උදාවූ වසන්තේ ලෙසින්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : සරත් ද අල්විස්


යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්

විරහිනියක සේ හිත ඉල්ලූ දා
ඔබ හට මතක නැතී
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්

එන්න ළංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්

නන්නාඳුනනා කිසිවෙකු වෙනුවෙන්
ඔබ සිත හඬණු නැතී
ඔබ හද සොහොනේ මිහිදන් කළ මා
දැන්නම් අගය නැතී
ජීවත් වෙනවා නම් මා වෙනුවෙන්

එන්න ළංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයි ද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment