මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮

මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිත්තර කහ මද 2යි
  • ගම්මිරිස් තේ හැඳි 1 1/2 යි
  • දෙහි යුෂ තේ හැඳි 2 යි
  • අබ ක්‍රීම් තේ හැඳි 1 යි
  • විනාකිරි මේස හැඳි 1 යි
  • ලුණු තේ හැඳි 1 (රස අනුව)
  • ඔලිව් ඔයිල් කෝප්ප 3/4 යි

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම බෝල් එකකට බිත්තර 2 කඩල කහ මදය වෙන් කරල දා ගන්න.(ටිකක් වේලා බිත්තර ශ්‍රීතකරණයේ තියල ගන්න.එතකොට කහ මදය වෙන් කර ගන්න පහසුයි) මතක තියා ගන්න සුදු මදේ ගන්න එපා.විශේෂයෙන් අර සුදු පාට නූල වගේ කොටස පොඩ්ඩක් හරි එකතු උනොත් පිළී ගඳ එනව.
  2. ♦️ ඊට පස්සේ බ්ලෙන්ඩර් කප් එකට කහමද ටික දාල  අබ ක්‍රීම් ටික,ලුණු එකතු කරල හෙමින් විනාඩි තුනක් වගේ බ්ලෙන්ඩ් කරන්න.(මතකයිනේ.. හෙමින් බ්ලෙන්ඩ් කරන්න)
  3. ♦️ දැන් මේකට ඔලිව් ඔයිල් පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් ක්‍රීම් එකක් වගේ වෙනතුරු බ්ලෙන්ඩ් කරන්න.එකපාරටම තෙල් ටික දාන්න එපා.(මේකට ඕන නම් අවර්ණ සුවඳ නැති තෙල් එකක් ගන්නත් පුළුවන්.)
  4. ♦️ දැන් විනාකිරි ස්වල්පය,දෙහි යුෂ සහ ගම්මිරිස් ටික දාල තවත් විනාඩියක් පමණ බ්ලෙන්ඩ් කරන්න.එපමණයි උපරිම විනාඩි 10 ක් ගතවේවි මේ සෝස් එක හදන්න.ලුණු බලන්න.මදි වගේ නම් තව පොඩ්ඩක් එකතු කර ගන්න.
  5. ♦️ දැන් පිරිසිදු වීදුරු බෝතලයකට දාගෙන පියන තදින් වහල තියා ගන්න. 🔴🔴🔴 තියා ගන්න කිව්වට දවස් හතරකට වඩා නම් තියා ගන්න බැහැ.මොකද අපි කල් තබා ගන්න කෘතීම දේවල් එක් කරන්නෙ නැති නිසා.උපරිම දවස් හතරක් තියා ගන්න පුළුවන් 
  6. ♦️ මේතරම් ලෙහෙසි පහසු ක්‍රම තියාගෙන අධික මුදලකට කෘතීම රසකාරක එක් කරපු වස විෂ කඩෙන් අරන් පරපුරක් ලෙඩ කරන්න ඕන නැහැනේ..
😃😃 මම නම් මේක හදල Sandwich හැදුව මෙයෝනීස් සෝස් ටිකක් ගාලා සලාද කොල දෙකක් තියල තක්කාලි පෙති දෙකක් සහ ලොකු ළූණු පෙති දෙකක් එක්ක අමු මිරිස් කරලක් තියල ඉක්මනින් හදා ගන්නව කෙටි ආහාරයක්.මොකද මේ දවස් වල තියන අධික කාර්‍ය බහුලත්වය නිසා.ඒ වගේම ක්‍රීම් ක්‍රැකර් වගේ බිස්කට් කන්නත් සුපිරියි මේ සෝස් එක.අනික අපි කඩෙන් ගන්න ඒව වගේ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය මුකුත්ම එකතු කරල නැති නිසා බය නැතුව කන්න පුළුවන්.සෞඛ්‍ය ආරක්ෂිතයිනෙ.ඔන්න ඉතින් ඔයාලගෙ දරුවන්ගෙ පොඩි බඩගින්නට,එයාල පාඩම් කරන වෙලාවන් වලට වගේ මේ වගේ දෙයක් හදල දෙන්න. එතකොට පවුලෙ ආදරෙත් වැඩිවේවි.

🔴 ඔයාල අතර ඩයට් කරන අය ඉන්නවා නම් මෙන්න මේ ආහාරය හදා ගන්න. සිහින්ව ලියා ගත් ගෝව ග්‍රෑම් 100 ක්,සිහින්ව ලියාගත්ගත් කැරට් ගෙඩි 4ක්,සුල්තානා ග්‍රෑම් 50 ක්,ලුණු, ගම්මිරිස්,කපා ගත් රතු ලූණු ටිකක් අරන් මෙයෝනිස් සෝස් සමඟ මිශ්‍ර කර සැලඩ් එකක් හදාගෙන කන්න පුළුවන්.ඔය ඩයට් කරන අයට හැමවෙලේම එන බඩගින්නට කදිම ආහාරයක් වේවි නිසැකවම.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 - Your Choice Way

මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 - Your Choice Way

මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 - Your Choice Way

මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 - Your Choice Way

මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 මෙයෝනීස් සෝස් හදමු (Meyonnaise Sauce) 🌮🌮 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment