මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - හයවන කොටස

මානව ඉතිහාසය වෙනස් කළ මහා සටන් (Great Battles) - හයවන කොටස - Your Choice Way

⚫මැරතන් සටන(The Battle of Marathon) ක්‍රි.පූ.490

ක්‍රි.පූ.490 දී සිදු වූ මැරතන් සටන ග්‍රීසියේ පළමු පර්සියානු ආක්‍රමණයේ කොටසකි.  මෙම සටන ඊසානදිග අත්තිකාහි(Attica) මැරතන් තැනිතලාවේදී සිදු වූ අතර ග්‍රීක-පර්සියානු යුද්ධයේ ආරම්භයද ඒ සමග සිදු විය.

මෙහිදී පළමුවන දාරියුස් රජු විසින් එවන ලද පර්සියානු ආක්‍රමණිකයන්ට එරෙහිව ග්‍රීක සොල්දාදුවන් සටන් කරන ලදී. පර්සියානුවන්ට එරෙහිව කැරලි ගැසූ අයෝනියානුවන්ට පුරාණ ග්‍රීකයන් දැක්වූ සහයෝගය වෙනුවෙන් සිදු කරන පළිගැනීමක් ලෙස සොල්දාදුවන් 20,000 ක් සිටින පර්සියානු හමුදා මෙම සටනට පැමිණෙන ලදී.

මෙහිදී ඉතා කුඩා ග්‍රීක හමුදාවක් විසින් ඉතා විශාල පර්සියානු හමුදාවක් පරාජය කරන ලදී. මෙම සටන ග්‍රීක-පර්සියානු යුද්ධවල තීරණාත්මක අවස්ථාවක් විය. ග්‍රීකයෝ පර්සියානුවන් පරාජය කළ පළමු අවස්ථාවද මෙය විය. මේත් සමගම පර්සියානු හමුදාව යුද්ධකදී පරාජය කළ නොහැකියැයි යන මිත්‍යාව නැති වී යන ලදී.

අපගේ නූතන ඔලිම්පික් උළෙලේ කොටසක් ලෙස පැවැත්වෙන මැරතන් ධාවන තරඟය පිළිබඳ අදහස සැබවින්ම පැමිණ ඇත්තේ යුද්ධයට පෙර ඇතන්ස් සිට මැරතන් දක්වා දිවෙන පණිවිඩකරුවෙකුගෙන් යැයි බොහෝ දෙනා සිතුවත් සැබැවින්ම ඔහු දුව ගොස් ඇත්තේ ඇතන්ස් සිට ස්පාටා දක්වාය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment