Diwa Ra Duk Windala Song Lyrics - දිවා රෑ දුක් විඳලා ගීතයේ පද පෙළ

Diwa Ra Duk Windala Song Lyrics - දිවා රෑ දුක් විඳලා ගීතයේ පද පෙළ
Song Title : Diwa Ra Duk Windala (දිවා රෑ දුක් විඳලා)
Singing : Desmond de Silva


දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලා
ඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළා
නිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියා
දරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේ
නිතරම අවවාද කරන්නා ඉර හඳ තරු වාගේ
ජිවිතයට මාගේ ඔබේ ආලෝකය වේවා

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා

පොත් පත් ගෙනදීලා දියුණුවේ
මග පෙන්නා අපේ දෑස් පාදලා දුන්නා
කන්නට බොන්න ඇති එහෙත් ඊට නෑ
කැමති කෑම සොයා අපට කවන්නා
කඩමළු ඔහු අඳිති අපි ගැන ඔහු බලති
දරුවන් දැක සැනසෙන්නා
මගේ හදවත පතුලේ ඔබේ සුවඳය ඇත්තේ
වාසනාව ඔබ මගේ පතනා

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා

කට ඇති පුතේ මගේ රූ බර දුවේ මගේ
මේ රට ඔබේ සහ මගේ
මව්පියෝ ඇති ඔබගේ එහි ඉටුදෙවියෝ වගේ
යහතින් ඔබ රැකගන්නා
මා පිය රැකවරණේ ආදර දරුවන්නේ
වේවා මතු ඔබ සරණේ
වසනා තුරු සසරේ ඔබේ ගුණ කඳ පැතිරේ
වේවා පියතුමා මගේ

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment