Warusawe Walakul Salala Song Lyrics - වරුසාවේ වලාකුල් සලාලා ගීතයේ පද පෙළ

Warusawe Walakul Salala Song Lyrics - වරුසාවේ වලාකුල් සලාලා ගීතයේ පද පෙළ
Song Title : Warusawe Walakul Salala (වරුසාවේ වලාකුල් සලාලා)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : රංජිත් පෙරේරා


වරුසාවේ වලාකුල් සලාලා
වරු ගාණක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ //

ගිම්හානේ අපේ පෙම් කතාවේ
නිමවාලා උදාවූ වෙලාවේ

අප ඈතින් නොලා
එක මොහොතක් බලා
මෙහි පිවිසෙන්න පිණි මාරුතේ //

වරුසාවේ වලාකුල් සලාලා
වරු ගාණක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ

හමුවූ දා බොහෝ කල් ගෙවාලා
සමුගන්නේ කෙසේ දැයි සිතාලා

උඩ අහසින්  වලා
ඇය මා ළඟ තබා
වැහි අතුරන්න මුළු මාවතේ //

වරුසාවේ වලාකුල් සලාලා
වරු ගාණක් වැටීයන් හඬාලා
සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
පිළිසඳරේ නිමා නෑ අපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment