Tharu Muthu Dilisena Song Lyrics - තරු මුතු දිලිසෙන ගීතයේ පද පෙළ

Tharu Muthu Dilisena Song Lyrics - තරු මුතු දිලිසෙන ගීතයේ පද පෙළ
Song Title : Tharu Muthu Dilisena (තරු මුතු දිලිසෙන)
ගායනය : කීර්ති පැස්කුවෙල්
සංගීතය : දර්ශන වික්‍රමතුංග
ගී පද : අරුණ බාලසූරිය


තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ //

වැහි පොද ඉල්ලන ඝන බොල් පොළොවට
දේදුන්නක් හිත දෙන්නේ
නිල්ල නිලන ජීවිතයක සතුටයි
මේ සිත ඔබෙන් පතන්නේ

තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ

වසන්තයේ මල් නොපිපුණු උයනක
මල් කැකුළක් පිබිදෙන්නේ
හේමන්තය හැඩ කරන කුමරියේ
හෙට දින පැලට වඩින්නේ

තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment