Rana Bima Merune Sinhalayeku Nam Song Lyrics - රණ බිම මැරුණේ සිංහලයෙකු නම් ගීතයේ පද පෙළ

Rana Bima Merune Sinhalayeku Nam Song Lyrics - රණ බිම මැරුණේ සිංහලයෙකු නම් ගීතයේ පද පෙළ
Song Title : Rana Bima Merune Sinhalayeku Nam (රණ බිම මැරුණේ සිංහලයෙකු නම්)
ගායනය : චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව : සරත් දසනායක
ගී පද : පියසේන රතුවිතාන


රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ //

මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවාගත්තේ

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමිදෙන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment