දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 12 ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය (Significance Of The Day - December 12 International Universal Health Coverage Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 12 ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය (Significance Of The Day - December 12 International Universal Health Coverage Day) - Your Choice Way

දෙසැම්බර් මාසයේ 12 වෙනිදට, “ජාත්‍යන්තර විශ්ව සෞඛ්‍ය ආවරණ දිනය” යෙදිලා තියෙනවා.

මේ දිනය ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍යය සංවිධානයේ එකතුවෙන්.

ලෝකයේ සෞඛ්‍ය සේවාවන් සඳහා මානව අයිතිය ඉදිරියට ගෙනයාමට උපකාරී වන මෙවලමක් විදිහට සහ ඒ ගැන රට රටවල ජනතාවගේ අවධානය යොමු කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් තමයි මේ දිනය මේ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ.

ගොඩක් රටවල සෞඛ්‍ය ආරක්ෂාව ගැන අවධානය පළවෙනි තැනටම දාලා තියෙනවා. ඒත් සමහරක් රටවල එහෙම නෑ. මොකද තුන්වෙනි ලෝකයේ සමහරක් රටවල් සෞඛ්‍යය ක්ෂේත්‍රයට වඩා, යටිතල පහසුකම් සංවර්ධනයට මුල් තැන දෙනවා. ඒ නිසාම මේ සෞඛ්‍ය ආවරණය කියන මාතෘකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කරපු අලුත්ම නව තිරසාර සංවර්ධන වැඩ සැලසුමේ ප්‍රධාන ඉලක්කයක් විදිහට ඇතුළත් කරලා තියෙනවා.

මෑතකදී ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් කරපු සමීක්ෂණයකට අනුව ලෝකයේ ජීවත් වන මිනිසුන්ගෙන් 38%කට පානය කරන්න පිරිසිදු වතුර නැහැ. ඒ විතරක් නෙවේ, 35%කට හරියට අත් සෝදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය නෑ. එහෙම වුණාම, ඒ අය අතරේ එක එක ආසාදන සහ රෝගකාරක විෂබීජ ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment