Uthsahaya Uk Dandak Wanne Song Lyrics - උත්සාහය උක් දණ්ඩක් වැන්නේ ගීතයේ පද පෙළ

Uthsahaya Uk Dandak Wanne Song Lyrics - උත්සාහය උක් දණ්ඩක් වැන්නේ ගීතයේ පද පෙළ
Song Title : Uthsahaya Uk Dandak Wanne (උත්සාහය උක් දණ්ඩක් වැන්නේ)
ගායනය : චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව : ෂෙල්ටන් ප්‍රේමරත්න
පද : රණසිංහ ප්‍රේමදාස


උත්සාහය උක් දණ්ඩක් වැන්නේ
වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනහී යන්නේ
අලස ගතේ දිව එය නෑ දන්නේ

පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිළිගන්නා
පැනයක් දුටු කල එය විසඳන්නා
එඩිතර සිතකින් එය පිළිගන්නා
එලස නොකර සකි ඉවත දුවන්නා
පැනය විසින් මහ වහලකු වන්නා

අප කුමටද ගොස් නොරට සිඟන්නේ
අපේ ඉසුරු මව් පොළවෙ තැවෙන්නේ
ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ
එවිට නොවේදෝ නොවහල් වෙන්නේ

සිංහල පාරක ගමන් නොගත්නේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල පාරක ගමන් නොගත්නේ
සිංහල පැදුරක නිදා නොගත්තේ
සිංහල ගත දිය සිසිල නොදත්තේ
එවන් කෙනෙක්ගේ කුමක් ද තත්වේ

උත්සාහය උක් දණ්ඩක් වැන්නේ
වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ
එහි රසයෙන් සිත සැනහී යන්නේ
අලස ගතේ දිව එය නෑ දන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment