Palanchiye Wada Idagena Song Lyrics - පලංචියේ වැඩ ඉඳගෙන ගීතයේ පද පෙළ

Palanchiye Wada Idagena Song Lyrics - පලංචියේ වැඩ ඉඳගෙන ගීතයේ පද පෙළ

Palanchiye Wada Idagena Song Lyrics - පලංචියේ වැඩ ඉඳගෙන ගීතයේ පද පෙළ
Song Title : Palanchiye Wada Idagena (පලංචියේ වැඩ ඉඳගෙන)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
තනුව : විශාරද ගුණදාස කපුගේ


පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ

හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

සිල් ගත් රජ මහ වෙහෙරට
මල් පුදනා මහ සෙනඟට
පියාණනේ නුඹ නොපෙනෙනවා //

ඇල්මෙන් අකුරට යන විට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ

හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

රන් ඉණිමග තියා උසට
නුඹ වඩවා මහ පොළවට
අප සිරසට රන් කොත වෙනවා //

සල් මල් පෙති පර වී ගිය
මල් ආසනයේ පා මුල
නුඹෙ දාදිය සුවඳ තියනවා

පලංචියේ වැඩ ඉඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ

හුණු බදාම ඔසවා දෙන
නුඹෙ අත් දෙක රිදෙනවාද පුතණුවනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment