බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry)

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බිම්මල් Mashroom (පැකට් 1)
  • ඉඟුරු කෑල්ලක් 
  • උම්බලකඩ මේසහැඳි 1 1/2ක්
  • කුරුඳු කැබලි කිහිපයක් 
  • රතු ළුෑණු ගෙඩි 3 ක්
  • ලොකු ළූණු ගෙඩි භාගයක්
  • අමු මිරිස් කරල් 4 ක්
  • නයි මිරිස් කරලක්
  • සුදු ළුෑණු බික් 4ක්
  • බැදපු තුනපහ කුඩු තේ හැඳි 2 ක්
  • කහ කුඩු ස්වල්පයක් 
  • මස් කරි පවුඩර් තේ හැඳි 2
  • මිරිස් කුඩු මේස හැඳි 1ක්
  • සූදුරු ස්වල්පයක් 
  • ලුණු රස අනුව 
  • රම්ප,කරපිංචා,සියඹලා යුෂ 
  • එනසාල් ඇට 4 ක්,කරාබුනැටි 2 ක්
  • උකු පොල් කිරි කෝප්ප 1

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️ මුලින්ම බිම්මල් හොඳට සෝදා වතුර ඉවත් වෙන්න මිරිකා බිම්මල් වල නටුව කොටස තලා කුඩා කොටස් වලට කඩා ගන්න.(ගොඩක්ම හීනියට කඩා ගන්න එපා)
  2. ▪️ ඊළඟට ඉඟුරු කෑල්ල,රතු ළූණු,එනසල් සහ කරාබුනැටි ටික හොඳට පේස්ට් එකක් වෙනකන් අඹරා ගන්න.
  3. ▪️ පසුව බදුනකට තෙල් වත් කර රත්වීගෙන එන විට සූදුරු ස්වල්පයක් දාන්න.ඊළඟට කුරුදු කරපිංචා රම්පෙ එකතු කරල සුවඳ එනතුරු තෙම්පරාදු කරන්න.
  4. ▪️ දැන් ලියා ගත් මිරිස් තුනපහ කරි පවුඩර් ආදී සියල්ල එක් කරන්න. ටිකක් තෙම්පරාදු උනාම උම්බලකඩ සහ කහ එකතු කරල සියඹලා යුෂ ටික එකතු කරල විනාඩි 2  ක් වගේ තියන්න.
  5. ▪️ දැන් බිම්මල් ටික එකතු කර රස අනුව ලුණු එකතු කර හොඳින් තුනපහ අල්ලන්න කවලම් කරල වහල තියන්න විනාඩි 5 ක් විතර.
  6. ▪️ නැවත පාරක් කවලම් හොඳින් කරල විනාඩි 5 ක් වහල උයා ගන්න.
  7. ▪️ කැමති නම් මේ විදියට ආහාරයට ගන්න උනත් පුළුවන්. නමුත් අපි නම් ඉතින් මේ අවස්ථාවේදී හොඳ උකු මිටි කිරි කෝප්පයක් දාල ලියා ගනිපු ලොකු ළූණු අහුරකුත් එකතු කරල නටවල ගන්නවා.එතකොට පුදුම තරම් රසයි. 😃😃

එහෙනම් ආයෙම දවසක කෑමක් හැදුවම ඔයාල හැමෝම එක්ක දැනුම බෙදා ගන්නම්. මේ දවස් වල ගෙදර උනාට online වැඩත් එක්ක ටිකක් විතර කාර්‍ය බහුලයි. 
හැමෝටම උතුම් තෙරුවන් සරණයි  ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way

බිම්මල් වෑංජනය හදමු 🍜👌👌 (Bimmal - Mushrooms Curry) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment