Sayrata Sima Song Lyrics - සයුරට සීමා ගීතයේ පද පෙළ

Sayrata Sima Song Lyrics - සයුරට සීමා ගීතයේ පද පෙළ
Song Title : Sayrata Sima (සයුරට සීමා)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද : යමුනා මාලිනී පෙරේරා
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සයුරට සීමා වෙරළේ නම්
ගඟුලට සීමා ඉවුරේ නම් //
සිතකට සීමා කොහි වේදෝ
පෙමකට සීමා දුක දේ නම්

ගඟ කොපමණ කල් දිය රැක ගත්තත්
ඒ දිය කඳ සයුරටය හුරු
සයුරෙදි ඒ දිය රළ හැපුණත් වෙරළේ
යළි දිය ගඟ වෙත යෑම බොරූ

සයුරට සීමා වෙරළේ නම්
ගඟුලට සීමා ඉවුරේ නම්
සිතකට සීමා කොහි වේදෝ
පෙමකට සීමා දුක දේ නම්

කාලය කෙතරම් කෙණිහිලි කෙරුවත්
හද බැඳි පෙම බිඳලෑම බොරූ
ඔබ කොපමණ කල් සඟවන් උන්නත්
මා ඔබගේ පෙම අයිතිකරු

සයුරට සීමා වෙරළේ නම්
ගඟුලට සීමා ඉවුරේ නම් //
සිතකට සීමා කොහි වේදෝ
පෙමකට සීමා දුක දේ නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment