Uk Dandu Dunnen (Apsaravi) Song Lyrics - උක් දඬු දුන්නෙන් (අප්සරාවි) ගීතයේ පද පෙළ

Uk Dandu Dunnen (Apsaravi) Song Lyrics - උක් දඬු දුන්නෙන් (අප්සරාවි) ගීතයේ පද පෙළ
Song Title : Uk Dandu Dunnen (Apsaravi) (උක් දඬු දුන්නෙන් (අප්සරාවි))
ගායනය : චන්ද්‍රිකා සිරිවර්ධන
තනුව : සරත් දසනායක
ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ


උක් දඬු දුන්නෙන් උපන්නෙමි
මල් මල් උයනක වෙසෙන්නෙමි
රෑ සඳ ලෙස හිනැහෙන්නෙමි
මමයි අප්සරාවී අප්සරාවී අප්සරාවී

සුමධුර ගීත ගයාලා
ඔබටයි අමතන්නේ
ආදර මල් යහනේ
කවුරුද නැලවෙන්නේ

උක් දඬු දුන්නෙන් උපන්නෙමි
මල් මල් උයනක වෙසෙන්නෙමි
රෑ සඳ ලෙස හිනැහෙන්නෙමි
මමයි අප්සරාවී අප්සරාවී අප්සරාවී

මුදු පිය වදන් කියාලා
දෙසවන් පිනවන්නේ
මා හද මල් බඳුනේ
පෙම් මල හිනැහෙන්නේ

උක් දඬු දුන්නෙන් උපන්නෙමි
මල් මල් උයනක වෙසෙන්නෙමි
රෑ සඳ ලෙස හිනැහෙන්නෙමි
මමයි අප්සරාවී අප්සරාවී අප්සරාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment