Namal Aye Pipunawe Song Lyrics - නාමල් ආයේ පිපුණාවේ ගීතයේ පද පෙළ

Namal Aye Pipunawe Song Lyrics - නාමල් ආයේ පිපුණාවේ ගීතයේ පද පෙළ
Song Title : Namal Aye Pipunawe (නාමල් ආයේ පිපුණාවේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන්වීලා
කෙනෙක් සනසාලා
මගෙ පාමුල වැඳ වැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නාමල් ආයේ පිපුණාවේ

දුක සැප දෙක මගේ ජීවේ
දරන්නට ආවේ
ඔබයි සැනසූවේ
මගෙ ආදර සිහිනය වී
ඔබ‍ගේ රුව ඇත බොඳවී
නෑ මං ආයේ විමසන්නේ
නාමල් ආයේ පිපුණාවේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment