Mata Gamata Enna Ganata Enna Song Lyrics - මට ගමට එන්න ගමට එන්න ගීතයේ පද පෙළ

Mata Gamata Enna Ganata Enna Song Lyrics - මට ගමට එන්න ගමට එන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Gamata Enna Ganata Enna (මට ගමට එන්න ගමට එන්න)
ගායනය : අමරසිරි පීරිස්
තනුව : ප්‍රේමසිරි කේමදාස
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න //

කළු දුමින් වැසුණු ගම්දොර නොපෙණෙයි
මං වැලහෙයි පය මරු වැල් පැටලෙයි
ඇන්ටෙනා තුරෙන් තුර පසු කර
පියසි උඩින් ඉගිල්ලෙන්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න

මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න 

මුළු නුවරම ගිනිගත් සැණකෙළියයි
හිස බරයි මගේ හද මිට කකියයි
එන පාළොස්වක පෝය දා ට
හඳ වාගේ ඔබ දකින්න
අම්මෙ මට කුරුළු පිහාටුවක් එවන්න 

මට ගමට එන්න ගමට එන්න
කුරුළු පිහාටුවක් එවන්න
පොඩි මල්ලි අතේ අනේ අම්මෙ
කුරුළු පිහාටුවක් එවන්න 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment