Dam Patin La Sanda Basa Yanwa Song Lyrics - දම් පාටින් ළා සඳ බැස යනවා ගීතයේ පද පෙළ


Song Title : දම් පාටින් ළා සඳ බැස යනවා (Dam Patin La Sanda Basa Yanwa)
ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ඔස්ටින් මුණසිංහ
මෙම ගීය මුලින් ගායනා කළේ ඔස්ටින් මුණසිංහ තම ගුවන් විදුලි සරල ගී වැඩසටහනකටයි. ඒ අනුලා බුලත්සිංහල සමගිනි. එදින එහි නාදශික්ෂක වූයේ ගුණදාස කපුගේයි. ඔස්ටින් පසුකලෙක කපුගේ ගේ ඉල්ලීම පරිදි ඔහුට මෙම ගීය ගයන්නට අවසර දුනි.


දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව හොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං

සෙවණැළි නොමැකේ නම්
එළිය කළු නොවේ නම් //
බිත්ති පුරා ඔබෙ ‍සෙවණැළි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා

දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව හොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නොහැඟේ
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම් //
නෙළුම් පතක රැඳි
පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැඟෙන තුරා

දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව හොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
නොදොඩා ඉන්නේ ඇයි

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නොහැඟේ
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං
ගොළු වී ඉන්නෙමි මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment