Kurulu Game Kurulu Gedara Song Lyrics - කුරුළු ගමේ කුරුළු ගෙදර ගීතයේ පද පෙළ

Kurulu Game Kurulu Gedara Song Lyrics - කුරුළු ගමේ කුරුළු ගෙදර ගීතයේ පද පෙළ

Kurulu Game Kurulu Gedara Song Lyrics - කුරුළු ගමේ කුරුළු ගෙදර ගීතයේ පද පෙළ
Song Title : Kurulu Game Kurulu Gedara (කුරුළු ගමේ කුරුළු ගෙදර)
ගායනය : චිත්‍රා සෝමපාල, පී.එල්.ඒ. සෝමපාල, සුපර් ගෝල්ඩන් චයිම්ස්
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී //

මනාලයා ආවම හැඩටම පිළිගන්නේ
මනාලයගෙ නෑයින් පෙරමගටයි යන්නේ
කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා
ආ හැම‍ දෙන පිළිගන්නව හොටට හොට තියා

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී

මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ
කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ
මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ
යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ

කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී
බඳින දවස මගුල අදයි යස හැඩකාරී //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment