Hima Diyawee Himalaye Song Lyrics - හිම දියවී හිමාලයේ ගීතයේ පද පෙළ

Hima Diyawee Himalaye Song Lyrics - හිම දියවී හිමාලයේ ගීතයේ පද පෙළ

Hima Diyawee Himalaye Song Lyrics - හිම දියවී හිමාලයේ ගීතයේ පද පෙළ
Song Title : Hima Diyawee Himalaye (හිම දියවී හිමාලයේ)
ගායනය : අමරසිරි පීරිස් සමඟින් වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ
පීණන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment