Aa Maga Waradi Song Lyrics - ආ මඟ වැරදී ගීතයේ පද පෙළ

Aa Maga Waradi Song Lyrics - ආ මඟ වැරදී ගීතයේ පද පෙළ

Aa Maga Waradi Song Lyrics - ආ මඟ වැරදී ගීතයේ පද පෙළ
Song Title : Aa Maga Waradi (ආ මඟ වැරදී)
ගායනය : අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා
පද රචනය : වසන්ත කුමාර කොබවක
තනුව හා සංගීතය : නවරත්න ගමගේ


ආ මඟ වැරදී යන මං නොපෙනී
තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඩලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
දම් පඳුරෙන් මංකඩ ලඟ ගොම්මං අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬා දොඩා කීවත් නුඹ කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මංදාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment