පාන් පීසා හදමු (Bread Pizza)

පාන් පීසා හදමු (Bread Pizza) - Your Choice Way

අද මම රෑට කන්න රසම රස පාන් පීසා (Bread Pizza) එකක් හැදුවා . හරිම ලෙහෙසියි හදන්න. මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පෙති 4
  • බිත්තර 3
  • පොඩි කොල පාට බෙල් පෙපර් 1  ( මට තිබුනේ නැහැ . මම කැරට් අල 1 ග්‍රේට් කරලා ගත්තා )
  • මොසරැල්ලා චීස් හෝ ඕන චීස් ජාතියක් (ග්‍රේට් කර ගත් )
  • පීසා සෝස් හෝ තක්කාලි සෝස් 
  • සොසේජස් කරල් 3 (මම යාන්තම් බැදලා පෙති කපලා දැම්මා )
  • තෙල් මේස හැදි 2

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව පාන් පෙති 4 කුඩා කෑබලි වලට කපන්න. පසුව තරමක බෝල් එකකට බිත්තර 3 දමා එයට කැලි මිරිස් සහ ලුනු කුඩු ටිකක් දමා ගැරුප්පුවකින් තට්ටු කලා . පසුව එම මිශ්‍රණය පාන් කැබලි වලට දමා මිශ්‍ර කරන්න . 
  2. නන් ස්ටික් භාජනයක් ලිප තබා තෙල් දමා පාන් මිශ්‍රණය දමා තුනී කර මද ගින්දරේ යාන්තම් බැදෙන විට එය උඩට තක්කාලි හෝ පීසා සෝස් දමා හැම තැනම විසිරවන්න. 
  3. දැන් එය උඩින් ග්‍රේට් කර ගත් චීස් ටිකක් එකතු කරන්න . පසුව කොල පාට බෙල් පෙපර් 
  4. 1 කුඩා කෑබලි වලට කපා උඩින් දමන්න ( මම කැරට් අල 1 ග්‍රේට් කර යාන්තමට තෙලේ බැද එයට කැලි මිරිස් සහ ලුනු කුඩු එකතු කර උඩින් දැම්මා ). 
  5. පසුව යාන්තමට බැද කුඩා කෑබලි වලට කපා ගත් සොසේජස් උඩින් දැම්මා . 
  6. අවසානෙට නැවත ග්‍රේට් කර ගත් චීස් ටිකක් උඩින් දැම්මා . 
  7. දැන් පියනකින් වසා විනාඩි 3 පමණ පිස ගන්න . ගින්දර යාන්තමට තබන්න . පසුව ලිපෙන් ඉවත් කර පිගානකට දමා කැබලි වලට කපා ගන්න . හරිම රසයි . හදලා බලන්න කෝ . 
Dhammika Panangala (ධම්මිකා පනංගල)
පාන් පීසා හදමු (Bread Pizza) - Your Choice Way

පාන් පීසා හදමු (Bread Pizza) - Your Choice Way

පාන් පීසා හදමු (Bread Pizza) - Your Choice Way

පාන් පීසා හදමු (Bread Pizza) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment