Sudu Sanda Eliye Song Lyrics - සුදු සඳ එළියේ ගීතයේ පද පෙළ

Sudu Sanda Eliye Song Lyrics - සුදු සඳ එළියේ ගීතයේ පද පෙළ
Song Title : Sudu Sanda Eliye (සුදු සඳ එළියේ)
ගායනය : ඉන්ද්‍රාණි විජේබණ්ඩාර (ඉන්ද්‍රාණි ‍සේනාරත්න)
පද : ගරු මර්සලින් ජයකොඩි පියතුමා
තනුව : සුනිල් සාන්ත
සංගීත සං‍යෝජනය හා අධ්‍යක්ෂණය : බී. ඇස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියේ ගීයකි.


සුදු සඳ එළියේ නල මත පොපියන
හිරි මල් කැකුළක රොන් කෙමියේ
මුළු මල් වන ලොවැ ඉරණම සැතැපේ
කුළු ගැන්වෙන තුරු හිමිදිරියේ ....//

සමනොළ තුඩෙකින් පිනි බිඳු පොදෙකින්
පණ ගැන්වෙන තුරු හිමිදිරියේ

පහන් දොරින් එන රැස් රේඛාවෙක
උණුසුම ඇසුරුව හිමිදිරියේ ...//

ඉපැරැණි කඳු යට සැගවුණු මිණි කැට
පැන පැන බැස යන දිය දහරේ
ඇදී ඇදී හිඳ මතු වී එන විට
මැණික් තාරකා වලට හැරේ

පොඩි රේඛාවෙක රැස් රේඛාවෙක
මැණිකක මුළු ඉරණම සැතැපී

එක එක මැණිකක එක එක රූපෙක
එළියෙන් නැහැවුණු මලක් පිපේ ...//

වලාපෙළින් සැදි මුතු කුඩයක් යට
තරඟ නගා ළෙලදෙන මුහුදේ
සිගිති දොරක් ඇති පොඩි බෙලි කටුවක
මුතු ඇටයක් සීරුවෙන් සැදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment