Wesak Kakulu Song Lyrics - වෙසක් කැකුළු ගීතයේ පද පෙළ

Wesak Kakulu Song Lyrics - වෙසක් කැකුළු ගීතයේ පද පෙළ
Song Title : Wesak Kakulu (වෙසක් කැකුළු)
ගායනය : ඉන්ද්‍රාණි විජේබණ්ඩාර (ඉන්ද්‍රාණි ‍සේනාරත්න)
පද : ගරු මර්සලින් ජයකොඩි පියතුමා
තනුව : සුනිල් සාන්ත
සංගීත සං‍යෝජනය හා අධ්‍යක්ෂණය : බී. ඇස්. පෙරේරා


වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ
ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ ..//

පියලි සලා ලා රේණු හළා ලා
සුවඳ උරා සිසිල් සුළං හමන්නේ
ලොවැමැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ //

දවට ගහේ ගහ මුදුනේ කොහා හඬන්නේ
කෑරළා ද නාද දෙමින් ගහට කොටන්නේ ..//

ටිං ටිං සද්දේ ඒ මැද ඇද්දේ
ගම වට කර කුරුලු ගීත ඇසෙන්නේ
ලොවැමැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ //

කදා වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපැටි ළඳුන්නේ ...//

ගීත ගයන්නේ ගයා නටන්නේ
කොලු කෙලි පොදි ගී ගයමින් නටන්නේ
ලොවැමැ අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ //

වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ
ඉරෙත් හඳෙත් සිරි විඳ විඳ රඟන විලාසේ ..//

1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියේ ගීයකි.

(ගීය සිනමා කෘතියට සමගාමීව කළ තැටි ගත කිරීමකින් උපුටා ගැනීමකි. හඬ තත්වය හා ඇතැම් තැන්වල බිඳවැටීම් ගැන කමා කරන්න.)

මේ ගී‍යේ පසු ගැයුම් ‍බො‍හොමයක් අන්තර්ජාල‍යේ තිබේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment