Sanda Thaniwa Pipeyi Song Lyrics - සඳ තනිව පිපෙයි ගීතයේ පද පෙළ

Sanda Thaniwa Pipeyi Song Lyrics - සඳ තනිව පිපෙයි ගීතයේ පද පෙළ
Song Title : Sanda Thaniwa Pipeyi (සඳ තනිව පිපෙයි)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද : ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ ...//

හිනැහුණා වෙරළ රත්තරන් වගේ
කහ ගැහුණු හිරු රැලක් වැටී ඔහේ ...//
කරදියෙන් පෙඟුණු වැලි පලස දිගේ
මට තනිව යන්න මහ දුකක් සිතේ

සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ

පිස දමා කියඹු වැල් නළල් තලේ
කිතිකැවෙන මඳනලක් හමා ඇදේ ...//
අඩ සඳත් හිරුට පසු නැඟුණු වෙලේ
දඟ කරණ තරු දෙඇස දකිමි ඔබේ

සඳ තනිව පිපෙයි
හිරු අඳුර සොයයි
පෙම්වතුන් සමුගන්න හැන්දෑවේ
හිත මටත් හොරා ඔබ සොයා දුවයි
පෙම් පිළිසඳරට ඔබ ඇයි නාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment