තක්කාලි සෝස් හදමු 🍅🍅🍅 (Tomato Sauce Hadamu)

තක්කාලි සෝස් හදමු 🍅🍅🍅 (Tomato Sauce Hadamu) - Your Choice Way
මම අද ඔයාලට අරගෙන ආවේ වස විසෙන් තොර තක්කාලි Sauce Recipe එකක්.  මේ උත්සව සමයේ අපේ කෑම මේසයට නැතිවම බැරි දෙයක් තමයි Sauce කියන්නේ. ඒත් ඔයාලා දන්නවා දැන් වෙළදපොළේ තිබෙන Sauce වර්ග වල කෘතිම රසකාරකයන් පිරිලා. ඒවා අපේ ආහාරයට එකතු කර ගන්න අපිට දෙපාරක් හිතන්න වෙලා. ඒකට විසදුමක් ලෙස අපිට පුලුවන් ස්වාභාවික රසකාරක පමණක් භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිතව ගෙදරදීම පහසුවෙන් Sauce පිළියෙල කරගන්න.  එහෙනම් අපි පටන්ගමු.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍅 තක්කාලි 1Kg
  • 🍅 සීනි 150g
  • 🍅 මිරිස් කුඩු 1 tbsp (මේස හැදි)
  • 🍅 ගම්මිරිස් කුඩු 1/2 tsp (තේ හැදි)
  • 🍅 ලුණු 1 tsp (තේ හැදි)
  • 🍅 සුදු ලූණු බික් 02
  • 🍅 ඉඟුරු ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම තක්කාලි හොදින් සොදා රෙදි කෑල්ලකින් (Kitchen Towel) වතුර ඉවත් කරගන්න.
  2. ඉන්පසු තක්කාලි කෑලි කපා ගන්න.
  3. දැන් කපාගත් තක්කාලි භාජනයකට දමා විනාඩි 3ක් පමණ තම්බා ගන්න.
  4. ඉන්පසු නිවෙන්න තබා Blender කර ගන්න.
  5. Blender කරගත් තක්කාලි මිශ්‍රණය පෙරණයක් ආධාරයෙන් පෙරා තක්කාලි ඇට, පොතු ඉවත් කරගන්න.
  6. දැන් එම මිශ්‍රණය ලිප තබා සිනි, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, සහ හොදින් අඹරාගත් සුදු ලූණු හා ඉඟුරු එකතු කර හොදින් ටික වේලාවක් කලවම් කර ගන්න.
  7. මිශ්‍රණය උකු වී Sauce පදමට ආ විට එයින් ස්වල්පයක් ගෙන පිඟානකට දමා ඇලකල විට සෙමෙන් වැක්කෙරෙයි නම් Source එකෙහි පදම හරි.
  8. දැන් ලිප Off කර නිවෙන්නට තබා, පිරිසිදු බෝතලයකට දමා ශීතකරණයේ තබන්න.

✅ වැදගත්

  • 💡 වතුර මිශ්‍ර නොවන ලෙස සෑදීමෙන් වැඩි කාලයක් කල් තබා ගත හැකිය. (සති 2-3 පමණ)
තක්කාලි සෝස් හදමු 🍅🍅🍅 (Tomato Sauce Hadamu) - Your Choice Way
හදලා බලලා අපිටත් රස කියන්න.තවත් රස පදමට හදන Recipe අරගෙන මම ආයිත් එන්නම්.සියලු දෙනාට සුභ දවසක්...

රස පදම ශාලිකා විජේවර්ධන
අපේ රස පදම Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment