Tharaka Mal Pipi Hinahena Song Lyrics - තාරකා මල් පිපී හිනැහෙන ගීතයේ පද පෙළ

Tharaka Mal Pipi Hinahena Song Lyrics - තාරකා මල් පිපී හිනැහෙන ගීතයේ පද පෙළ

Tharaka Mal Pipi Hinahena Song Lyrics - තාරකා මල් පිපී හිනැහෙන ගීතයේ පද පෙළ
Song Title : Tharaka Mal Pipi Hinahena (තාරකා මල් පිපී හිනැහෙන)
ගායනය : සුනිල් එදිරිසිංහ සමග මාලිනී බුලත්සිංහල
පද : කුලරත්න ආරියවංශ
තනුව : වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. එදා එම වැඩසටහනට සුනිල් එදිරිසිංහ මේ ගීය ගැයුවේ නිරංජලා සරෝජිනී සමගය.

1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය.


තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

හිරු සඳුට හා ලොවට රහසින්
සදාගමු අපෙ පුංචි ලෝකය ...//
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය ...//
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment