Oba Rawatuwa Hitha Athule Song Lyrics - ඔබ රැවටුව හිත ඇතුලේ ගීතයේ පද පෙළ

Oba Rawatuwa Hitha Athule Song Lyrics - ඔබ රැවටුව හිත ඇතුලේ ගීතයේ පද පෙළ
Song Title : Oba Rawatuwa Hitha Athule (ඔබ රැවටුව හිත ඇතුලේ)
ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරන
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : සත්සර කසුන් පතිරණ


ඔබ රැවටුව හිත ඇතුලේ
කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්නේ
විදවන හැටි මා තනියෙන්..

වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට
ඔබ විතරයි පැතුවේ..
හදවත ගැඹුරේ නැගෙන වේදනා
මං විතරයි දන්නේ...

නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා..
හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා..
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා..

ආදරේ ඔබට නම් නොතැවුනේ ඇයි ඉතින්..
මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින්
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා..

ඔබ රැවටුව හිත ඇතුලේ
කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්නේ
විදවන හැටි මා තනියෙන්..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment