Muthu Depotak Dilisuna Song Lyrics - මුතු දෙපොටක් දිලිසුනා ගීතයේ පද පෙළ

Muthu Depotak Dilisuna Song Lyrics - මුතු දෙපොටක් දිලිසුනා ගීතයේ පද පෙළ
Song Title : Muthu Depotak Dilisuna (මුතු දෙපොටක් දිලිසුනා)
ගායනය : මර්වින් මිහිඳුකුල
තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද : ක්ලැරන්ස් විජේවර්ධන


මුතු දෙපොටක් දිලිසුනා
රතු දෙකපුල් හිනැහුනා
හේනේ පැලේ පැල් රැකලා
හේනේ පැලේ පැල් රැකලා
එනකොට මඟ හමුවුණා

බටලන්දේ
බටලන්දේ සිරි සිරි හඬ ඇසුණා
ඔබ පැවසූ රහසක් දැයි සිතුණා
හේනේ පැලේ මම තනියේ
හේනේ පැලේ මම තනියේ
ඉන්න පැයේ සිහි වුණා

මුතු දෙපොටක් දිලිසුනා
රතු දෙකපුල් හිනැහුනා
හේනේ පැලේ පැල් රැකලා
එනකොට මඟ හමුවුණා

අඩ නින්දේ
අඩ නින්දේ ඔබ මදහස පෙනුණා
මද අඳුරේ ඔබ මා ළඟ සිටියා
හේනේ පැලේ මම තනියේ
හේනේ පැලේ මම තනියේ
ඉන්න පැයේ සිහි වුණා

මුතු දෙපොටක් දිලිසුනා
රතු දෙකපුල් හිනැහුනා
හේනේ පැලේ පැල් රැකලා
හේනේ පැලේ පැල් රැකලා
එනකොට මඟ හමුවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment