රුලං කැඳ හදමු (Semolina Porridge)

රුලං කැඳ හදමු (Semolina Porridge) - Your Choice Way

උදේට අද මම රස ගුණ කැමක් හැදුවා. රුලං කැඳ (Semolina Porridge).ලොකු පොඩි කාටත් හොඳයි . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • රුලං කප් 3/4
  • ෆ්‍රෙශ් මිල්ක් 300ml
  • දුඹුරු සීනි මේස හැදි 2 
  • රට ඉදි  10  (ඇට ඉවත් කර කපා ගත් )
  • වියලි මිදි ටිකක් 
  • ලුණු 
  • වැනිලා තේ හැඳි 1 /2

✅ සාදා ගන්නා ආකාරය :

  1. භාජනයකට රුලං ටික දමා වතුර කප් එකක් (1) පමණ දමා උයන්න.
  2. එය ඉදුනාට පසු රට ඉදි ටික මිශ්‍ර කරන්න. 
  3. පසුව කිරි ටික ටික දමා හොදින් කලවම් කරන්න.කැටි නැති වෙන්න.ඒ එක්කම ලුනු , සිනි, මිදි එකතු කර මිශ්‍ර කරන්න.
  4. අවසානෙට වැනිලා එකතු කර ලිපෙන් ඉවත් කර වෙනත් භාජනයකට දමා උඩින් වියලි මිදි ටිකක් දමන්න.
හරිම රසයි.හදලා බලන්න කෝ.Dhammika Panangala (ධම්මිකා පනංගල)

රුලං කැඳ හදමු (Semolina Porridge) - Your Choice Way

රුලං කැඳ හදමු (Semolina Porridge) - Your Choice Way

රුලං කැඳ හදමු (Semolina Porridge) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment