Muthu Kuda Ihalana Song Lyrics - මුතු කුඩ ඉහලන ගීතයේ පද පෙළ

Muthu Kuda Ihalana Song Lyrics - මුතු කුඩ ඉහලන ගීතයේ පද පෙළ
Song Title : Muthu Kuda Ihalana (මුතු කුඩ ඉහලන)
ගායනය : රෝහණ වීරසිංහ
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : රෝහණ වීරසිංහ


මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
දිය දහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
නහවයි මා රිය සක මඩ වතුරේ
නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ...

මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලීනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment