Adara Nil Dase Song Lyrics - ආදර නිල් දෑසේ ගීතයේ පද පෙළ

Adara Nil Dase Song Lyrics - ආදර නිල් දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Adara Nil Dase (ආදර නිල් දෑසේ)
ගායනය : නාරද දිසාසේකර
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස


ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

ආදර මල පිපී වැනේ
ඇග පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි
ඒ රන් මල පිපුණේ...

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

විමානයේ කදුළු දොරින්
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි
කාටද අත වනලා...

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

සිනහ දෙතොල් යහනාවේ
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි
මා එහි සිර කරලා...

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment