Lassana Samade Song Lyrics - ලස්සන සැමදේ ගීතයේ පද පෙළ

Lassana Samade Song Lyrics - ලස්සන සැමදේ ගීතයේ පද පෙළ
Song Title : Lassana Samade (ලස්සන සැමදේ)
ගායනය : නාරද දිසාසේකර සහ ජීවරාණි කුරුකුලසූරිය
ගී පද : කරුණාරත්න අබේසේකර
තනුව : නාරද දිසාසේකර
1967 දී තිරගත වූ හතර කේන්දරේ චිත්‍රපටියේ ගීයකි.


රූපං ජීරතී මඡ්ඡානං
නාමගොත්ථං නජීරතී
නාමගොත්ථං නජීරතී
නාමගොත්ථං නජීරතී

ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
එහි කෙළවර දුකදේ

ලස්සන සැමදේ මොහොතක සුවදේ
එහි කෙළවර දුකදේ
එහි කෙළවර දුකදේ
ලස්සන සැමදේ මොහොතක සුවදේ

දෙනෙත පෙනේ නම්
සුවඳ දැනේ නම්
සවන බිහිරි නැති නම්
සැපට වශීවී විපතට ලංවී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
සියල්ල ලෝකේ වැනසී යයි
සියල්ල ලෝකේ වැනසී යයි
දිරා ජරාවට යයි
දිරා ජරාවට යයි

දෙනෙත පෙනේ නම්
සුවඳ දැනේ නම්
සවන බිහිරි නැති නම්
සැපට වශීවී විපතට ලංවී
කිමද සැපෙක පස්කම්
දැල්වෙන අතරේ සදහම් දීපේ
මන්ද ගිලෙන්නේ අඳුරෙහි පාපේ
බුදු දහමින් තොර සැපක් නැතේ
බුදු දහමින් තොර සැපක් නැතේ

පරම සුවය ඒකයි
පරම සුවය ඒකයි
පරම සුවය ඒකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment