Thama Tharunayi Rathriya Manaram Song Lyrics - තාම තරුණයි රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ

Thama Tharunayi Rathriya Manaram Song Lyrics - තාම තරුණයි රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ

Thama Tharunayi Rathriya Manaram Song Lyrics - තාම තරුණයි රාත්‍රිය මනරම් ගීතයේ පද පෙළ
Song Title : Thama Tharunayi Rathriya Manaram (තාම තරුණයි රාත්‍රිය මනරම්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ රොහාන් ශාන්ත බුලේගොඩ
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ


තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟාවනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

ලොවම සැතපෙයි අඳුර මධුරයි
සිහින වෙරළට පාව එන් රහසින්
ලොවම අඳුරුයි අඳුර රුදුරුයි
සිහින වෙරළේ අගාධය ගැඹුරුයි

තාම තරුණයි රාත්‍රිය මනරම්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

කුමුදු හිනැහෙයි පවන සිසිලයි
ළපලු පලසට පා නගන් විගසින්
කුමුදු පරවෙයි පවන රළුවෙයි
ළපලු යහනේ විරාමය කඳුළයි

තාම තරුණයි රාත්‍රිය මනරම්
ළඟා වනු මැන සරා සඳ සමගින්
සීත කඳුළක් තබා සඳ නෙතගින්
රැය ගෙවී යයි තව නිමේෂයකින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment