Enawada Yali Soyala Song Lyrics - එනවාද යලි සොයලා ගීතයේ පද පෙළ

Enawada Yali Soyala Song Lyrics - එනවාද යලි සොයලා ගීතයේ පද පෙළ
Song Title : Enawada Yali Soyala (එනවාද යලි සොයලා)
Artiste : 2FORTY2 feat. Billy Fernando 
Lyrics : Achala Solomons
Melody : Keshan Perera
Music Arrangement : Sheahan Devadoss
Music Director : Billy Fernando 
Record Label : BF Entertainment 
Performed at : Fusion Youth Night
Organized by : Fusion Media


කොතැන සිටියද මගෙන් මිදිලා
තාම නුඹ ගැන හිතෙනවා
දෑත සිපගත් දිනය සිහිවී
දෑස රහසෙම තෙමෙනවා
නුඹ දුන්නු සෙනෙහස දුන්නු විදියම තව හිතේ රැදිලා
යලි එන්න හිතුනොත් එන්න සිපගමි
නුඹ තුරුළු කරලා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

මගේ හිතේ හැන්ගිලා හිටිය හැටි
තවත් දැනෙනවා
ජීවිතේ නැවතුනා ගියපු දින
මගේ ලොවෙන් පියඹලා
ඇසුනා නම් මාරුතේ ඒ ගී ඔබටයි සදා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

ඔය අතින් අල්ලලා ඇවිද ගිය ගමන් සිහිවුනා
ආදරෙන් දුන් සිතින් දුකම දී
නුඹ මගෙන් දුර ගියා
ඇසුනා නම් මාරුතේ ඒ ගී ඔබටයි සදා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment